බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

උසස් පෙළ විෂයධාරා හදුන්වා දීම

අඛණ්ඩ අධ්‍යාපනය

ක්‍රීඩා

උසස් පෙළ

untitled-11.jpg
untitled-9.jpg
Untitled-5.jpeg
පාසලේ ඉතිහාසය

වර්ෂ 1950 දී පරම විඥානාර්ථ සමාගම විසින් අරම්භ කර ඇත. රත්මලානේ ශ්‍රී ඉන්ද්‍රජෝති හිමිපාණන් ආදි කර්තෘ වන අතර ආරම්භයේදී ශිෂ්‍ය සංඛ්‍යාව 200 ක් සහා ගුරු මඩුල්ල 14 ලෙස වාර්තාවේ. ප්‍රථම විදුහල්පතිවරයා ඩී.සී පෙරේරා මහතාය.මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය.

නමුත් අවට ජනප්‍රිය පාසල් වල ප්‍රථමික අංශය ඇරඹීම හා පාසලේ සිටි විශාල ගුරුවරු පිරිසකට එකවර ම ස්ථාන මාරු ලාබා දීම නිසා ඇති වු ගුරු හිගය හේතුවෙන් ද ශිෂ්‍ය ප්‍රමාණය 200 දක්වා අඩු වී ඇත.හිස් වු ගොඩනැගිලි 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් අවතැන් වූ සරණාගතයන්ට සෙවන සලසන්නට වෙන් කරන ලදී.වසර 3ක කාල පරාසයක් පාසල් ගොඩනැගිලි කිහිපයක් ඔවුන් සදහා වෙන් කල හෙයින් පාසල් සංවර්ධනයට බාධා ඇති විය.එමගින් සිසුන් සංඛ්‍යාව 150 දක්වා පහත වැටුණි.ඒ අනුව මෙම පාසල වැසීමේ තර්ජනයට මුහුණ පෑ අතර පාසලේ සම්පත් අධ්‍යාපන කාර්යාලය මගින් වෙනත් පාසල් වලට ලබා දෙන ලදී.

2006 වර්ෂයේ අග භාගය වන විට මෙම තත්වය වෙනස් වු අතර එවකට වැඩ භාර ගත් විදුහල්පතිතුමා ශිෂ්‍ය සංඛ්‍යාව 300 දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය. 2006 වසරේ ජාතික ඵළදායීතා සම්මාන තරඟාවලියේ බස්නාහිර පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත්වු අතර දෙහිවල අධ්‍යාපන කොට්ඨාසයේ පිරිසිදු පාසල් අතර දෙවන ස්ථානය දිනා ගන්නටද සමත් විය. ඒ කාලය තුළ ක්‍රීඩා කටයුතු, විෂය සමගාමී කටයුතු රාශියක් පවත්වාගෙන යන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස බයිසිකල් ධාවන තරගය සමස්ථ ලංකා දෙවන ස්ථානය,2011 මළල ක්‍රීඩා ජයග්‍රහනය,වොලිබෝල් බාලක අනුශූරතාවය,එල්ලේ බාලිකා අනුශූරතාවය,2012 දී මළල ක්‍රීඩා පාළාත් මට්ටමෙ ජයග්‍රහන,15න් පහළ බාලිකා ධාවන ඉසව් පාළාත් ජයග්‍රහන දිනාගත් අතර සමස්ථ ලංකා නැටුම් තරගාවලියේ 2011 සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය,2012 ජ්‍යෙෂ්ඨ අංශයේ කලාප ප්‍රථම ස්ථානය යන ජයග්‍රහණ ලබා ගන්නට සමත් විය.එමෙන්ම විශේෂ ළමා සංවර්ධන ඒකකය 2011 වසරේදි බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන අංශයේ තරග ජයග්‍රහන,2012 කාලාප මට්ටමේ තරග ජයග්‍රහන දිනා ගන්නට සමත් විය.2012 වර්ෂයේ දි විශේෂ අධ්‍යාපන සියවස් සැමරුම ජාතික උත්සවයේ බස්නාහිර අධ්‍යාපන කාලාපය නියෝජනය කරන බෙර වාදන කණ්ඩායම ලෙස තේරීපත්වීම ද අප ලැබූ විශේෂ ජයග්‍රණයකි.

එවකට 2 වර්ගයේ පාසලක්ව තිබූ මෙම පාසල 1AB දක්වා උසස් වෙමින් වර්තමාන විදුහල්පතිතුමා යටතේ උසස් පෙළ කාලා විෂය ධාරාව ද ආරම්භ කිරීමට හැකිවිය.2012 වර්ෂයේ බස්නාහිර පළාතේ පිළියන්දල කාලාපයේ ප්‍රථම මහින්දෝදය විද්‍යාගාරය ඉදිකිරීමත් සමග මෙම පාසල තවදුරටත් ඉතා වේගයෙන් සංවර්ධනය විය.පරිගණක විද්‍යාගාර පහසුකම්,සැප පහසු පන්තිකාමර සිසු අයිතියට පත්විය.2013 වර්ෂයේ දී තාක්ෂණ විෂය ධාරව පාසලට හදුන්වා දෙන ලදී.එ අනුව ප්‍රථම වරට 2015 වර්ෂයේ දී ශිෂ්‍යන් 80ක් උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටීමට නියමිතය.ඒම විෂය ධාරාවේ ඇති ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම සදහා තාක්ෂණීක විද්‍යා පීඨයක් ඉදිවෙමින් පවතී.මෙමගින් වෘත්තීය සුදුසුකම් හා තාක්ෂණික දැනුම ඇති සිසු පිරිසක් මෙම ප්‍රදේශයට දායාද කල හැකි වේ යැයි විශ්වාස කෙරේ.වර්තමානයේ පාසල තුළ ශිෂ්‍යයන් 800ක් පමණ ඉගෙනුම ලබන අතර අධ්‍යාපන,ක්‍රීඩා,සෞන්දර්ය,විෂය බාහිර යන නොයෙක් අංශ වලින් ශිෂ්‍ය දක්ෂතා වර්ධනය වෙමින් පවතී...

 

ආරම්භ කළ වර්ෂය

1950 පෙබරවාරි 20

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

14

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

200

මුල් විදුහල්පතිතුමාගේ  නම

ඩි. සී. පෙරේරා මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඉන්ද්රජෝති හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බප/ පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

_

පාසල රජයට පවරාගත් දිනය

1963 මාර්තු15

පාසල පැවැත්වූ ස්ථානය

රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයේ භූමීයේ