බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

උසස් පෙළ විෂයධාරා හදුන්වා දීම

අඛණ්ඩ අධ්‍යාපනය

ක්‍රීඩා

උසස් පෙළ

untitled-11.jpg
untitled-9.jpg
Untitled-5.jpeg

විනය නීති මාලාව

පහත සඳහන් විනය රෙගුලාසි බප/පිළි/කොතලාවල පුර මහා විද්‍යාලය තුල ක්‍රියාන්මක කරනු ලබන බව ගුරු මණ්ඩලය සියලුම දෙමාපියන් හා සිසුන් වෙත දන්වනු ලබන අතර ඒ පිළිබඳ සොයා බැලීම හා අවශ්‍ය අවස්ථාවන්හි දී උපදෙස් ලබාදීම, ගුරු මණ්ඩලයේ සියලු දෙනාගේ වගකීම් වන අතර සියලු සිසුන් විනය නීති මාලාව දැන සිටිය යුතු අතර නොදන්නා බව නිදහසට කරුණක් නොවන්නේ ය. නවද සියලුම දෙමාපියන් මේ පිළිබඳ දැනුවත් වී සිටිය යුතු අතර තමන්ගේ දරුවන් පිළිබඳ නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුය.

  • පැමිණීම හා පිටවීම

1. විද්‍යාලය ආරම්භ කරන වේලාව උදෑසන 7.30 ට වේ. එබැවින් උදෑසන 7.30 ට පෙර සියලු ළමුන් පාසල තුළට පැමිණිය යුතු වේ. මෙම වේලාවෙන් පසු සාධාරණ හේතුවක් නොමැතිව පාසල තුළට පැමිණිය නොහැකිය. පාසල අවසන් කිරීමෙන් පසු පුහුණුවීම් වලට හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ගුරුභවතුන්ගේ වගකීම සහිතව පමණක් නතර වී සිටිය යුතුය. එසේ නතර වන සිසුන් හැර අන් සියලුම දෙනා නියමිත වේලාවට පාසලෙන් පිටත් විය යුතුය.

2. පාසලට නොපැමිණීමෙන් පසු නැවත පැමිණෙන විට මව/පියා/භාර කරෙගෙන් නොපැමිණීමට හේතුව සටහන් කරගෙන පැමිණ යුතු වේ.

3. පාසල අවසන් වීමෙන් පසු නිවෙස් වලට යා යුතු අතර කිසිම හේතුවක් නිසා අතර මග නතර වී නොසිටිය යුතුය.

4. පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන් පළමු කාල පරිච්ඡේදයේදී පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත කරවනු

ලබන අතර ඔවුන් දිගටම ප්‍රමාද වන්නේ නම් විනයානුකූලව කටයුතු කරනු ලැබේ.

5. පාසල ආරම්භය හා විවේක කාලයෙන් පසුව සීනුව නාද කළ පසු වහාම පන්තියට යා යුතුය.

6. උදෑසන පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනය, පාසල් ගීත ගායනය කරන අවස්ථාවල විද්‍යාල භූමියේ කුමන ස්ථානයක සිටියන් එම ස්ථානයේ නතර වී ඒ සඳහා සහභාගි විය යුතුය.

  • පාසල් නිල ඇදුම

1. පාසල් නිල ඇඳුම 6 සිට 9 ශ්‍රේණිය දක්වා නිල් පාට කොට කලිසම, අන් කොට කමිසය, කළු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.

2 කලිසම හා කමිස වල සියලු බොත්තම් අල්ලා තිබිය යුතු අතර, ඒවා පැළඳ සිටිය යුතු වේ. ටයි පටිය පැලඳිය යුතුය.

3. විද්‍යාලයීය නිල ලාංඡනය කමිස සාක්කුවේ වම් කෙලවරේ ඉහළ සිටින සේ මැසිය යුතුය.

4. සෑම ශිෂ්‍යයෙක්ම ලොකු ලේන්සුවක් භාවිතා කළ යුතුය.

5. පිරිසුදු කළ ඇඳුම් ඇඳ සිටිය යුතු අතර පළඳින සපත්තු පොලිෂ් හා ඔප දැමිය යුතු වේ. නිල ඇඳුමට නොගැලපෙන සපත්තු පැළඳීම නොකළ යුතුය.

6. යට ඇඳුම් හා මේස් ඉතා පිරිසුදු තත්ත්වයෙන් පාවිච්චි කළ යුතු අතර ඒවා එක් වරක් පමණක් පාවිච්චි කිරීමෙන් පසු නැවත සෝදා පිරිසිදු කර ඇඳිය යුතුය.

  • සෞඛ්‍යය

1. කොණ්ඩය කොටට කපා තිබිය යුතු අතර එය එක පැත්තකට පීරා තිබිය යුතුය. කෘතිම ආලේපන යොදා සකස් කිරීම හෝ වර්ණ ගැන්වීම නොකළ යුතුය.

2. අත් හා පා පාදවල නියපොතු කොටට කපා තිබිය යුතුය.

3. අසනීප නතත්ත්වයක් ඇත්නම් පාසලට පැමිණීමෙන් වැළකිය යුතු අතර විශේෂයෙන් බෝවන රෝග ඇත්නම් එය හොඳින් සුව වන නෙක් පාසලට පැමිණීමෙන් වැළකිය යුතුයි.

4. පාසල ආරම්භ වීමට පෙර තම පන්ති කාමරය හා අවට පිරිසිදු කර ගැනීම සියලු සිසුන්ගේ වගකීම වෙයි.

  • ආහාර භාවිතය

1. කඩදාසි වලින් ඔතනු ලබන දිවා ආහාර පාසල් රැගෙන ඒමට නොහැකිය. ආහාර ගෙන ඒමට කෑම පෙට්ටියක් භාවිතා කළ යුතු අතර ඒවා නැප්කිනයකින් ඔතා තැබිය යුතුය.

2. ආහාර ගැනීමෙන් පසු ඉතිරි වන ඉදුල් පාසල තුළ දැමීම නොකළ යුතුය.

3. ආරක්ෂක හේතුන් මත මුර කුටිය වෙත ආහාර පාසල් භාරගනු නොලැබේ.

  • පාසල් පොත් භාවිතය

1. රජය මගින් නොමිලේ ලබා දී ඇති පොත්පත් වලට නිසි ලෙස කවර දැමිය යුතු අතර ඒවා පිරිසිදුව පරිහරණය කළ යුතුය.

2. දෙමාපියන් ළමුන්ගේ පොත් වල වැඩ පිළිබඳව සොයා බැලිය යුතුය.

3. නොගැලපෙන කවර පොත් වලට නොදැමිය යුතුය.

  • ආපන ශාලාව

1. විවෘත කර තබන වේලාව පෙ.ව 7.30 සිට 11.00 දක්වා

2. ඉහත වේලාවන්හි දි පමණක් ආපන ශාලාවෙන් ආහාර මිලදී ගත යුතුය.

3. ආපන ශාලාවෙන් ආහාර මිලදී ගැනීමෙදි ඉදිරියේ ඉන්න අයට බාධා නොවන පරිදි පෙළකට ගොස් ආහාර මිල දී ගත යුතුය.

4. ආහාර ගත් වහාම ආපන ශාලාවෙන් පිටවිය යුතු අතර නිකරුණේ රැඳී නොසිටිය යුතුය.

5. ආපන ශාලාවෙන් ලබා ගන්නා ආහාර භාවිතයෙන් පසුව ඉතිරි වන හිස් බදුන් තැන් තැන් වල නොදැමිය යුතුය.