බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

උසස් පෙළ විෂයධාරා හදුන්වා දීම

අඛණ්ඩ අධ්‍යාපනය

ක්‍රීඩා

උසස් පෙළ

untitled-11.jpg
untitled-9.jpg
Untitled-5.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සන්ධ්‍යා දමමයන්ති මිය

බප /පිළි කොතලාවල පුර මහා විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පතිය ලෙස විද්‍යානීය වෙබ් පිටුවේ පණිවිඩයේ දීම මහ ලද භාග්‍යා ලෙස සලකමි පාසලෙහි ජීවය බදු මානව හා භෞතික සම්පත් වලින් සුවහසක් නැණ නෙත්  එළිපෙහෙළි කරන්නට මං සැලසීමට ඇප කැප වී කටයුතු කරමි
විද්‍යාලයට ප්‍රවේශ වන විටම හමු වූ බෝධීන් වහන්සේට නමස්කාර කර පාසල් භූමියට ප්‍රවේශ වීමේ පුරුද්ද ඇති කර ගනු ලැබ ඇත මෙමගින් දවස ආරම්භයේදීම ගුරු භවතුන්ගේ හා සිසුන්ගේ සිත් පහන් වී පිවිතුරු අධ්‍යාත්මයකින්  පිරි සුපහන් ආකල්ප වර්ධනය වෙතැයි මම බලාපොරොත්තු වෙමි
පාසලෙහි කීර්තිමත් ආදි ශිෂ්‍යයන්ගේ මග පෙන්වීම යටතේ ආදි ශිෂ්‍ය සංගමය පාසලෙහි දියුණුවට ලබා දෙන රුකුල අතිමහත්ය
මීට පෙර පාසලේ සංවර්ධනයට සුසිරිත් දරුවන් ලොවට තනාදීමට කටයුතු කළ විදුහල්පතිවරුන්ට සුවහසක් නැණ නෙත් විවර කර දුන් ආචාර්ය මණ්ඩලයට හා පාසලේ දියුණුවට නන් අයුරින් උපකාර කරමින් විදුහල්පති මාතාව රත්මලාන පුරවරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක් බවට පත් කරලීමට කටයුතු කළ සැමට මාගේ හෘදයාංගමය ස්තූතියි පුදකරමි
මාගේ ඉලක්කය වන්නේ වර්තමාන  විදුහල්පතිනියට සහයෝගය දක්වමින් කොතලාවල පුර  මහා විද්‍යාලය පිළියන්දල කලාපයේ කීර්තිමත් හොඳම පාසල බවට පත් කිරීමයි. සන්ධ්‍යා දමයන්ති මිය නියෝජ්‍ය විදුහල්පති බප/පිළි කොතලාවල පුර මහා විද්‍යාලය

සන්ධ්‍යා දමමයන්ති මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි/කොතලාවල පුර මහා විද්‍යාලය.